(+94) 775585854
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

GODUNNA M.V.
  • Register
  • Login
GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයේ බෙරාමඩ ප්‍රදේශයේ "බෙරාමඩ ස්වභාෂා පිරිමි පාසල"නමින් 1910 දී ආරම්භ වූ මෙම පාසලේ මුල් ගුරු වූයේ ඊ.එස්.ගුණසේකර මහතා ය.1914.09.13 වන දින ගින්නකින් විනාශ වි තිබේ.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගලඋඩ පොල්වත්ත නම් ප්‍රදේශයේ තාවකාලිකව ඉගෙනුම් කටයුතු සිදු කළ අතර 1917.01.01 දින ආර්.පී.අප්පුහාමි මහතා ප්‍රධාන ගුරු තනතුරට පත් විය.විවිධ අභියෝග රාශියක් මධ්‍යයේ ඉගෙනුම් කටයුතු කළ අතර 1919 දී පී.ඒ.කේ.බණ්ඩා ප්‍රධාන ගුරු තනතුරට පත් විය.මින් පසු පාසල සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන ගොස් තිබූ අතර 1930 දී කරුණානායක මහතා මුල් ගුරු විය.

1932 වන විට ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයක් පාසලට පැමිණ තිබේ.1933.01.12 වන දින ඇම්.පියදාස මහතා ප්‍රධාන ගුරු වශයෙන් වැඩ භාරගත්තේයඅ.ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා යන ගමනේදී 1935 වන විට ළමුන් 121ක් බවට පත්ව තිබුණේ ය.1937 දී ප්‍රථම සංස්කෘතිකාංගය ලෙස ජෝර්ජ් රජු සිහි කිරීම නිමිති කොට ගෙන පළාතේ මන්ත්‍රීතුමා හා කෝරළේ මහතාගේ පැමිණීමෙන් මෙන්ම 250 පිරිසකගේ  සහභාගිත්වයක්ද සිදු විය.

 1940 දී ආර්.ඒ.පියසේන මහතා මුල් ගුරු වූ අතර 1945 දී බී.ජී.ස්ටීවන් තාවකාලික මුල් ගුරු තනතුරට පතු විය.ගුරුවරු 4 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසල 1943.08.16 වන දින ගෝඩුන්න  ධර්ම ශාලාවේ ඉගැන්වීම් කටයුතු අාරම්භ විය.මෙතෙක් පිරිමි පාසලක් ලෙස පැවති මෙම පාසල 1946 දී උප ගුරුවරියක් පැමිණීමෙන් ශිෂ්‍යාවන්ද පාසලට පැමිණ තිබේ.පසුව ඡන්ද මධ්‍යස්ථානයක් ලෙසද පත්කර තිෙබි . 1951.05.01 දින එම්.එල් සීලවතී මහත්මිය ද ,1951.11.01 ඒ.ඩී.පීටර් මහතා ද  මුල් ගුරුවරු බවට පත් විය.1952 වන විට ළමුන් 149ක් බවට පත්ව තිබූ අතර එච්.ප්‍රැන්සිස්කූ හේවගේ තාවකාලික මුල් ගුරු විය.1956 දී වැඩ බලන උප ගුරු ලෙස යූ.අමරසුන්දර මහතා වැඩ භාරගත් අතර 1971 වන විට විදුහල්පති බී.ජේ.ගුණවර්ධන මහතා විය.1972 වන විට ළමුන් සංඛ්‍යාව 259ක් විය.සියලු දෙනාගේ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස බ/ගෝඩුන්න මහා විද්‍යාලය නමින් 1974 දී නම් විය.1974 දී ඒච්.ජී.පියසේන මහතා ද, ඒ.ගුරුසිංහ මහතා ද, ඩබ්.ඒස්.පෙරේරා මහතා ද පිළිවෙලින් විදුහල්පතිවරුන් වශයෙන් පත් වී අැත. 

 

1976 දී ඩී.ඒම්.සෙනෙවිරත්න මහතා කාර්ය කටයුතු විදුහල්පති වශයෙන් පත්ව තිබේ. පිළිවෙලින් ආර්.එම්.සුමනපාල මහතා , ආර්.එම්.ගුණපාල මහතා , සෙනෙවිරත්න මහතා , අතුල මහතා , පී.බී.රත්නායක මහතා ,ආර්.එම්. ජයතිලක මහතා , සනත් වීරසේකර මහතා , ඩී.ඒම්. පියසිරි මහතා වශයෙන් පත්ව ඇත.වර්තමානය වන විට පියසිරි මහතා විදුහල්පති වන අතර පූජ්‍ය විරානගම සංඝකිත්ති හිමි හා ගුණපාල මහතා නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කරයි.

ලමුන් 400ක් පමණ අද වන විට අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 32ක් පමණ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.  

 

 

 

GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Godunna, Haliela.

: (+94)775585854

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 GODUNNA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk