විදුහල්පති පණිවිඩය
බ/ගෝඩුන්න මහා විද්‍යාලය

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයේ කන්දකැටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් බ/ගෝඩුන්න මහා විද්‍යාලය 1 C වර්ගයේ පාසලක් වන අතර , පාසල සඳහා වෙබ් අඩවියක් නිර්මාණය වීම භාග්‍යයක් සේ සළකමි.
මෙසේ පාසල සඳහා වෙබ් අඩවියක් එළි දැක්වීම තුළින් පාසල බාහිර ලෝකයට විවර වීම ඉතා වැඩදායී කර්තව්‍යයක් සේ දකිමි. හුදකලා වූ මෙවැනි දහසකුත් පාසල් පිළිබඳ ලෝකයාගේ අවධානය යොමු වීම එම පාසලේ අභිවෘද්ධිය කෙරෙහි ඉමහත් සෙතක් සැලසෙනු ඇත. තවද ඒ තුළින් සිසු දරු දැරියන්ගේ හැකියා තව දුරටත් වර්ධනය වීම හා ඒවා අවට සමාජයට වැඩදායී ලෙස ආදේශ වීමක්ද සිදු වනු ඇත.
විදුහල්පති,
බ/ගෝඩුන්න මහා විද්‍යාලය
