නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/ගෝඩුන්න මහා විද්‍යාලය
1914 වර්ෂයේදි ඇරඹී දිනෙන් දින ඉදිරිය බලා යන අප විද්‍යාලය මෙම ප්‍රෙද්ශයේ දූ චරුවන්ට තමන්ගේ දිවි ගමන සඳහා සළසන්නේ ඉමහත් සෙතකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධෆාපනය ලබා දෙමින් රටට යහපත් පුරවැසියන් බිහි කිරීම අදිටන් කොට ගත් අප පාසල අධ්‍යාපනය පමණක්ම නොව හැදියාව, සාරධර්ම වර්ධනය කර ගැනීම පිණිසද දරු දැරියන්ට මඟපෙන්වයි. වර්තමාන ලෝකය හා සම්බන්ධ වීමට අද වන විට අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින තාක්ෂණයෙන් අප දරු දැරියන් යම් පමණකින් හෝ සවි බල ගැන්වීම අප හමුවේ ඇති එක් අභියෝගයකි. එහි එක් පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම මා දකිමි.
ආර්.එම්. ගුණපාල මයා,
නියෝජ්‍ය විදුහල්පති,
ගෝඩුන්න මහා විද්‍යාලය
